කොලොම්තොට වගා සංග්‍රාමය "අහරින් සපිරි කොළොම්තොටක් 2022"

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රගති සමාලෝචන රැස්වීම .

======================?=================?

කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ දී

ඇතිවිය හැකි ආහාර අර්බුදය

කළමනාකරණය කිරීම සදහා කොළඹ දිස්ත්‍රික්

ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ

ප්‍රධානත්වයෙන් වගා වැඩසටහනට සමගාමීව

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ

, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K.ජයසුන්දර මහත්මියගේ හා සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිමල් දයාරත්න මහතාගේ   මගපෙන්වීම යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම්

කොට්ඨාසයේ ආරම්භ කරන ලද වගා වැඩසටහන්

පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීම කාර්‍යාලයීය

ශ්‍රවනාගාරයේ දී 2022.06.24 දින සිදු කෙරුණි.

මෙහිදී කොට්ඨාසයේ පාසල්,

පෙරපාසල්, රජයේ හා වතු ඉඩම්, විහාරස්ථාන

ඇතුළු වෙනත් ආගමික ස්ථාන, රාජ්‍ය ආයතනය හා

ගෙවතු වල වගා කටයුතු, පුරන් කුඹුරු පිළිබඳව සහ ඒවායේ

ප්‍රගතිය පිලිබදව සාකච්ඡා කරන ලදී. වගා බිම්

අස්වද්දමින්, නිරන්තර එම වගා බිම්වල කටයුතු

පසුවිපරම් කරන්නටත් උපදෙස් ලබා දුනි.මෙහිදී දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති තුමා විසින් ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙත බීජ පැකට් ප්‍රධානය කිරීමක් ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන

අධ්‍යක්ෂ සේනක පී. සිල්වා මැතිතුමා, දිස්ත්‍රික්

කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්. නාගහවත්ත

මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ

ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්,ක්ෂෙත්‍ර නිළධාරින්,

වෙනත් ආයතන නිළධාරින් සහ කාර්යාලයේ

නිලධාරින් සහභාගි විය.

 

News & Events

Scroll To Top