සෞභාග්‍යයා සතියට සමගාමීව මහරගම පමුණුව ආශ්‍රිත වසම් වල ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ මගපෙන්වීම යටතේ 2022-03-31 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් සිදු කරන ලදී. මේ සඳහා කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම් ගොඩගේ මැතිතුමා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K. ජයසුන්දර මැතිණිය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සාමාන්‍ය අධිකාරි K.S.P. කළුආරච්චි මහතා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කල්හාරි සිල්වා මහත්මිය, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි මුදල් S.W. ලක්ෂ්මන් මහතා හා අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වන ලදී. මෙහිදී විශේෂයෙන්ම අවුරුදු 60 සම්පූර්ණ වූ මවකට විශ්‍රාම වැටුප ප්‍රදානය කිරීමත්, ඔප්පු හිමියන්ට ඔප්පු ප්‍රදානය කිරීමත්, 2017 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ දායකයන් 116 බඳවාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානයට පත්වූ H.M.D.K නිශාමලී ග්‍රාම නිලධාරී මහත්මිය වෙනුවෙන් ඇගයීමක් ද සිදු කරන ලදී.

 

News & Events

Scroll To Top