
"හරිත දැයක් ´´ජාතික ගෙවතු වගා සංග්‍රාම වැඩසටහන 2022 ' අපි ගෙවත්තෙන් පටන් ගමු ' මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමාරම්භක වැඩසටහන 2022.03.29 පෙරවරු 9.00 මාලපල්ල සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්විය . මෙහිදී ගෙවතු ලාභීන් 150 දෙනෙකුට බීජ පැළ ලබාදීම සිදුවිය . මේ අවස්ථාවට හිටපු පළාත් සභා ඇමති උපාලි කොඩිකාර මහතා , හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය , මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සමෘද්ධි මූලස්ථාන කළමනාකරු, බැංකු සමිති කළමනාකරු, ව්‍යාපෘති කළමනාකරු,කොට්ටාව සමුර්දි බැංකු සංගමයේ කළමනාකරු,කෘෂිකර්ම උපදේශක,ගොවිජන සේවා නිලධාරි ,ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ,කෘෂි නිලධාරීන්,සංවර්ධනයට ධාරීන් ,නාගරික මන්ත්‍රී ජගත් මහතා ,මාලපල්ල නැගෙනහිර මාලපල්ල බටහිර ,මාකුඹුර උතුර වසම්වල ගෙවතු ලාභීන් සහභාගී විය .

























