
ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙහෙයවීම මත මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ නිවාස කිහිපයක් විවෘත කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගරු සභාපති දුමින්ද සිල්වා මැතිතුමාගේ හා ගරු සම්බන්ධීකරණ කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා, කාන්ති කොඩිකාර මැතිණිය හා මහරගම ප්රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්රධානත්වයෙන් 2022-03-26 දින උඩහමුල්ල නැගෙනහිර නිවාස 2ක්, පතිරගොඩ නිවාස 2ක්, ගොඩිගමුව දකුණ නිවාස 1ක්, කොට්ටාව දකුණ නිවාස 2ක් යන විවෘත කිරීම සිදු කරන ලදී. මේ සඳහා නාගරික මන්ත්රීවරුන්, රාජ්ය නිලධාරීන්, ග්රාමීය කමිටු නියෝජිතයින්ද සහභාගී වන ලදී.




























