"සැමට මානසික පීඩාවෙන් තොර ජීවිතයක්" මුල් ළමාවිය ගුරු මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සාර්ථක කර ගැනීමේ අරමුණින් හය මාසයක පැවැත්වීමට අපේක්ෂිත මනෝවිද්‍යාත්මක පුහුණු වැඩමුළුවේ පලවෙනි වැඩසටහන 2022-03-09 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. වැඩසටහන සංවිධානය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි නිලූෂිනී ආරියරත්න මහත්මිය විසින් සිදුකරන ලබන අතර මෙහි සම්පත් දායකත්වය මනෝවිද්‍යාත්මක උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය, උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවල මහත්මිය සහ සහකාර උපදේශන මත්ද්‍රව්‍ය කල්හාරි වාසනා මහත්මිය විසින් සපයන ලදී. මෙම වැඩසටහනේ සංකල්පය මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය උපදේශන අංශය විසින් නිර්මාණය කරන ලද්දකි

News & Events

Scroll To Top