අරමුණ - මෙවර අයවැය යෝජනාවලදී ප්‍රමුඛතාවයක් ලබා දී ඇති තෝරාගත් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් එකවර ආරම්භ කිරීමේ වැඩසටහනට සමගාමීව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 41හි තෝරාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. මෙම ව්‍යාපෘති සංකේතාත්මකව ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ හා දේශපාලන නියෝජිතයින් ගේ ප්‍රධානත්වයෙන් 2022.02.03 සිදු කරන ලදී.

ස්ථානය - 493 කලල්ගොඩ,493/ඒ තලවතුගොඩ බටහිර ,493/බී තලවතුගොඩ නැගෙනහිර,496කොට්ටාව දකුණ,496/ඒකොට්ටාවනැගෙනහිර,496/බී කොට්ටාව නගරය,496/සී කොට්ටාව උතුර,496/ඩී කොට්ටාව බටහිර,496/ඊ ලියනගොඩ

497 රුක්මලේ බටහිර,497/ඒ රුක්මලේ නැගෙනහිර ,497/බී රුක්මලේ නැගෙනහිර .498 මාලපල්ල නැගෙනහිර .498/ඒ මාකුඹුරඋතුර,498 /බී මාලපල්ල බටහිර.498/සී මාකුඹුර දකුණ,523 මිරිහාන උතුර,523/ඒ මිරිහාන දකුණ,524 මාදිවෙල,524/ඒ ප්‍රගතිපුර,525 තලපත්පිටිය,525/ඒ උඩහමුල්ල නැගෙනහිර,525/බී උඩහමුල්ල බටහිර,526/බී ගංගොඩවිල දකුණ,526/සී විජේරාම

526/ඩී ජම්බුගස්මුල්ල,527 නාවින්න,527/ඒ පතිරගොඩ,527 /බී මහරගම නැගෙනහිර,527 /සී මහරගම බටහිර,528 පමුණුව,528/ඒ දඹහේන,529 පොල්වත්ත,529/ඒ දෙපානම,530 මහරගම නගරය,531 පන්නිපිටිය උතුර,531/ඒ පන්නිපිටිය දකුණ,532 ගොඩිගමුවඋතුර,532/ඒ ගොඩිගමුව දකුණ ,532 /බී ගොඩිගමුව දකුණ ,532/සී වත්තේගෙදර වසම්

මගපෙන්වීම - මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K ජයසුන්දර ,සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) නිමල් දයාරත්න මහතා

සම්බන්ධීකරණය- වසම් භාර සංවර්ධන නිලධාරීන්, වසමේ ග්‍රාමීය කමිටුව හා සැලසුම් අංශය ඇතුලු කාර්ය මණ්ඩලය.

කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධනය,පොදු යටිතල පහසුකම් සංවර්ධනය,පරිසර හා තිරසර සංවර්ධනය,සමාජ සුභසාධන හා සමාජ සංවර්ධනය,වෙළද නිවස යන ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

News & Events

Scroll To Top