
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය හා සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිමල් දයාරත්න මහතා ගේ උපදෙස් මත සෞභාග්‍යා සිව්වන සතිය වෙනුවෙන් ප්‍රජා සේවා ජංගම උපදේශන සායනයක් නීලම්මහර ජය මාවත සුභ සාධක සමිති ශාලාවේ 2021-12-22 දින පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසිනි. මෙය සංවිධානය කරන ලද්දේ සංවර්ධන නිලධාරි එන් යමුනා චතුරානි පෙරේරා මහත්මිය හා K.B මුදිතා දිල්රුක්ෂි මහත්මිය විසිනි. මීට අමතරව මෙම ජංගම සායනය සඳහා සමෘද්ධි ශුද්‍ර මූල්‍ය කුඩා ව්‍යාපාර ස්වයං රැකියා ගෘහ ආර්ථික ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙ ජාතික උපදේශන අධ්‍යක්ෂක තුමිය හා එම අමාත්‍යාංශයේ උපදේශන මඩුල්ලක් ද, හෝමාගම රත්මලාන දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මනෝවිද්‍යා උපදේශන නිලධාරී කණ්ඩායම ද සහභාගි වන ලදී.





















