
අයවැය 2022 ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුලින් ගෘහ ආර්ථික හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය දැනුම හා අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්මන්ත්රණ මාලාවක් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක මහරගම සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සම්බන්ධීකරණ කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා, කාන්ති කොඩිකාර මැතිණිය, නාගරික මන්ත්‍රීවරුන් හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, සියලුම අංශවල ක්ෂේත්‍ර නිලධාරීන් හා අනෙකුත් රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2021.12.21වන දින පෙ.ව. 10.00ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංධ්වනි ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන පුහුණු නිලධාරීන්, නිෂ්පාදන ආර්ථික ඉංජිනේරුවරුන්, ජීවිතය ජයගත් ව්‍යවසායකයින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.























