
මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි ළමා සභාවේ දරුවන් උදෙසා නව වසර සතුටින් ඇරඹීම සඳහා මානසික සවිබළකරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී 2021-12-08 දින පවත්වන ලදී. මෙය සංවිධානය කරන ලද්දේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කේ.ශ්‍රියාලතා මහත්මිය විසිනි. සම්පත් දායකත්වය මනෝවිද්‍යා උපදේශන නිලධාරි නේත්‍රා මාලගොඩ සහ මත්ද්‍රව්‍ය සහකාර උපදේශන නිළධාරිනි කල්හාරි වාසනා මහත්මිය විසිනි.




















