එක් ගමකට එක් ව්‍යවසායකයෙක් ජාතික වැඩසටහනේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය 2021. 07.31 දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමාගේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. ඒ සදහා මහරගම සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මැතිතුමා සහ කාන්ති කොඩිකාර මැතිනිය ද , අධ්‍යක්ෂ සැලසුම් ක්‍රම සම්පාදන සේනක සිල්වා මහතා , මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ.දිල්රුක්ෂි වල්පොල මැතිනිය හා අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වන ලදී. මෙහි සංවිධානය හා මෙහෙයවීම විදාතා මධ්‍යස්ථානය සිදු කල අතර අධීක්ෂණය හා මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලදී.

News & Events

Scroll To Top