
පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමිව 498- මාලපල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පොල් පැළ ලබා දීමේ වැඩසටහන මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-07-10 වන දින පවත්වන ලදි. මේ සදහා මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. කේ.දිල්රුක්ෂි වල්පොල මැතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද දේශපාලන නියෝජිතයන්ද සහභාගී වන ලදී.






















