
පොසොන් පොහොයට සමගාමීව පවත්වනු ලැබූ ඩිජිටල් පොසොන් සුබපැතුම්පත් තරඟාවලියේ එක් එක් කාණ්ඩ යටතේ ලැබූ තරඟ ප්‍රතිඵල මෙසේ සතුටින් නිකුත් කරන්නේමු.
තරග විනිශ්චය කර ලැබුවේ කොළඹ D.S. සේනානායක විදුහලේ චිත්‍ර විෂය භාර ආචාර්ය දේදුනු මහත්මිය විසිනි.
තරගාවලියේ ජයග්‍රහණය සිදු කළ සියලුම නිර්මාණ ඇතුළත් පොසොන් සුභ පැතුම් පතක් කොළඹ දිසාපතිතුමා වෙත මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් Email තාක්ෂණය ඔස්සේ යවන ලදී.
ඉදිරියේ දී ජයග්‍රහණය කළ හපනුන්ට මෙන්ම සහභාගිත්වය ඇගයීම වශයෙන් එම සිත්තරුන්ට ද සහතික පතක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ අත්සන යටතේ ලබා දීමට අපේක්ෂා කරමි.
මග පෙන්වීම හා උපදෙස් :
ප්‍රාදේශීය ලේකම් මහරගම සහ සහකාර ප්‍රාදේශීය ලේකම් මහරගම
සංකල්පය හා සංවිධානය :
නේත්‍රා මාලගොඩ
මනෝවිද්‍යා උපදේශන නිලධාරි





















