දෙවන අදියර ලෙස දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.06.22වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රැස්වීමක් පැවතුණි. ඒ සදහා පළාත් අධ්‍යක්ෂ (කෘෂිකර්ම) යූ. අමරකෝන් මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂ (පොහොර) ආර්. එම්.ටී පුෂ්පකුමාර මහතා, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති) එච්.එස්. ප්‍රේමරත්න මිය, නියෝජ්‍ය පළාත් කෘෂි අධ්‍යක්ෂ කාර්යාලය කෘෂි උපදේශක ආර්. එස්. කුමාරසිරි මයා, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඩී.ඊ.විජේගුණවර්ධන මහත්මිය හා මහරගම කෘෂිකර්ම සංවර්ධන නිලධාරි, මහරගම කෘෂිකර්ම උපදේශක තුමියන් දෙපල, පොල් සංවර්ධන නිලධාරි ආර්.එ. ලිලාන් ධනුෂ්ක මහතා හා කොට්ඨාශයේ වසම් භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහභාගි විය.

මෙහිදී කොට්ටාශයේ කාබනික පොහොර වගාව සම්බන්ධ ගැටලු සාකච්ඡා කල අතර, කාබනික පොහොර නිශ්පාදනයේ ප්‍රමිතිය තහවුරු කරන ආකාරය පිලිබදව කෘෂිකර්ම උපදේශක චම්පිකා කිත්මිනි මහත්මිය විසින් ඉදිරිපත් කිරීමක් කරන ලදී.

 

News & Events

Scroll To Top