මෙරට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය ට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය හා ඒ සඳහා යොමු කරවීම, එහි දී පැන නගින ගැටළු හා ඒවාට යෝජිත විසදුම් පිළිබඳ සාකච්ඡාවක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී 2021 ජූනි 16 පැවැත්විනි. ඒ මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ නියෝජ්‍ය සභාපති උපාලි කොඩිකාර මහතා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල නාගහවත්ත මහතා , බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එන්.නිල්වල මහතා, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සේනක සිල්වා මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් සහභාගී විය.

එහි දී කොට්ඨාසයේ කෘෂිකාර්ම්ක කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයන් පිලිබඳ ව හා ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කල අතර, කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමිතිය තහවුරු කරන ආකාරය ඇතුළු කාබනික වගාවේ දී ඇති වන ගැටළු පිලිබඳ ව ද තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය කෙරිනි.

 

News & Events

Scroll To Top