
කෝවිඩ් 19 හේතුවෙන් වසා ඇති පාසල් නැවත විවෘත කිරීම පිළිබද කමිටු නිර්දේශ ලබා ගැනීම සම්බන්ධයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධිකරණ කමිටු රැස්වීම සම්බන්ධිකරණ කමිටු ගරු සභාපති විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 1 වන දින පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය විසින් සම්බන්ධිකරණ කටයුතු හා මෙහෙයවීම සිදුකල අතර මේ සදහා සම්බන්ධිකරණ උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා ,කාන්ති කොඩිකාර මැතිනිය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති පාසල් වල විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන්ද අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේද සහභාගිත්වයෙන් පැවැත්විණි.




















