ජුනි 5 දිනට යෙදී තිබූ ජගත් පරිසර දිනයට සමගාමීව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මහරගම ජනාධිපති විදුහල අසල පැල දන්සලක් පවත්වන ලදී. ඒ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ), ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි හා කෘ.ප.නි.ස. නිලධාරින් ,කෘෂි කර්ම උපදේශක ,සංවර්ධන නිලධාරීන් සහභාගි විය.
























