සෑම ග්රාම නිලධාරි වසමකම ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සදහා ස්ථිර නිවසක් සකස් කරදීම අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම මේ වැඩසටහනේ මුලික ඉලක්කය වේ.”ගමට ගෙයක් - රටට හෙටක්” වැඩසටහන පිළිබද රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020 ජනවාරි 29 වන දින ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.






















